ජනපතිගේ තීරණයට කැබිනට් එකත් කැමති වෙයි

ජනපතිගේ තීරණයට කැබිනට් එකත් කැමති වෙයි

January 16, 2018   02:12 pm



මුදල් අමාත්‍යංශය විසින් මත්පැන් අලෙවිසැල් විවෘතව තැබෙන වේලාවන් සම්බන්ධයෙන් සහ මත්පැන් අලෙවියට කාන්තාවන්ට ඉඩ ලබා දීම පිළිබඳව ගෙන ආ යෝජනා ඇතුළත් ගැසට් නිවේදනය ඉවත් කර ගැනීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

අද පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍ය මණ්ඩලය රැස්වූ අතර එහිදී මෙම තිරණය ගත් බව වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා සඳහන් කළේය.

මත්පැන් අලෙවිසැල් විවෘතව තැබෙන වේලාවෙන් උදෑසන 08.00 සිට රාත්‍රී 10.00 දක්වා සංශෝධනය කිරීමට මුදල් අමාත්‍යංශය පසුගියදා තීරණය කළේය.