මුස්ලිම් සිසු ගැටුමේදී පිහියෙනුත් කපලා තුවාල කරලා-තොරතුරු රැසක් අනාවරණය වෙයි

මුස්ලිම් සිසු ගැටුමේදී පිහියෙනුත් කපලා තුවාල කරලා-තොරතුරු රැසක් අනාවරණය වෙයි

November 14, 2017   10:11 pm



හෙම්මාතගම ප්‍රදේශයේ ප්‍රසිද්ධ මුස්ලිම් පාසලක සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සිසුන් අතර ඊයේ (13) පස්වරුවේ  ඇති වූ ගැටුමට සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි සිසුන් 5 දෙනා මාවනැල්ල  මහෙස්ත‍්‍රාත්  අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

අද  (14) දිනයේ අදාළ සිසුන්  මාවනැල්ල මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ “ පිහියෙන් කපා තුවාල සිදු කිරීම“ යන වරද සම්බන්ධයෙනි. 

එහිදී මාවනැල්ල  මහෙස්ත‍්‍රාත්  අධිකරණයේ මහෙස්ත‍්‍රාත් මහින්ද ලියනගේ මහතා විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයේ පෙනී සිටි සිසුන් පස් දෙනාට එක් අයෙකුට රුපියල් 5000 ක් මුදලින් හා ලක්ෂණය බැඟින් ශරීර ඇප ලබා දී තිබේ.

එමෙන්ම  ලබන වසරේ ජනවාරි 13 වැනිදා නැවත අධිකරණයේ පෙනි සිටින ලෙසද අදාළ සිසුන්ට නියෝග කර තිබේ.

හෙම්මාතගම ප‍්‍රදේශයේ ප‍්‍රසිද්ධ මුස්ලිම් පාසලක එම පාසලේ දරුවන් අතර ඇති වු ගැටුමක් හේතුවෙන් තිදෙනෙක් සුථ තුවාල ලබා හෙම්මාතගම මහ රෝහලේ ප‍්‍රතිකාර ලබන අතර ඒ සම්බන්ධයෙන් ඊයේ  13  රාත‍්‍රීයේ සිසුන් 5 දෙනෙකු හෙම්මාතගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබුණි. 

කලක සිට පැවති ආරවුලක් මුල් කරගනිමින් මෙම ගැටළුව ඇති වී ඇති බව පොලීසිය පවසයි .

තුවාල ලබා සිටින තිදෙනා ගේ තත්ත්වය බරපතළ නොවන බවද පොලීසිය කියයි.