විදුලිබල සේවකයින්ගේ නිවාඩු අවලංගු වෙයි

විදුලිබල සේවකයින්ගේ නිවාඩු අවලංගු වෙයි

September 13, 2017   09:55 am

ලබන 20 වන දා දක්වා ලංකා විදුලිබල මණ්ඩලයේ සියලු සේවකයින්ගේ නිවාඩු අවලංගු කර තිබේ.

අත්‍යාවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වා ගෙන යාමේ අවශ්‍යතාවය මත සියලූම සේවකයින්ගේ නිවාඩු මෙලෙස අවලංගු කරන බව චක්‍රලේඛනයක් නිකුත් කර ඇති බව ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී ඉංජිනේරු ඒ.කේ.සමරසිංහ මහතා පවසයි.

මේ අතර ලංකා විදුලිබල මණ්ඩලයට සම්බන්ධ වෘත්තිය සමිති කිහිපයක් විසින් අද දින දහවල් 12 සිට අඛණ්ඩව දින දෙකක වර්ජන ක්‍රියාවලියක නිරත වන බවට කළමණාකාරීත්වයට දැනුම් දී තිබේ.

මොනයම් තත්ත්වයක වුවද රටට අඛණ්ඩව විදුලිය සැපයීම විදුලිබල මණ්ඩලය සතු ජාතික වගකීමක් බැවින් එම අවශ්‍යතාවය සළකා බලා අද සිට සැප්තැම්බර් 20 දක්වා සියලු සේවකයින්ගේ මෙලෙස නිවාඩු අවලංගු කර ඇත.

එසේ වුවත් හදිසි අවස්ථාවලදී අදාළ ශාඛාවට අනුයුක්ත පළමුවන පන්තියේ හෝ ඊට ඉහළ විධායක නිලධාරියෙකුගේ අනුමැතිය මත පමණක් සේවකයින්ට නිවාඩු ලබා දිය හැකි බව ද අමාත්‍යාංශය සඳහන් කරයි.