රිය අනතුරකින් 2ක් මරුට-3කට තුවාල

රිය අනතුරකින් 2ක් මරුට-3කට තුවාල

August 17, 2017   09:24 am


කෑගල්ල, අවිස්සාවෙල්ල මාර්ගයේ පින්දෙණිය, පිටගල්දෙණිය ප්‍රදේශයේ සිදුවූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ.

මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගුරුගොඩඔයට පෙරලීමෙන් අද(17) අලුයම මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.

අනතුරෙන් ‍මෝටර් රථයේ ගමන් ගත් කාන්තාවන් තිදෙනෙකු ඇතුළු පස් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර පසුව ඉන් දෙදෙනෙකු මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ 57 හැවිරිදි මෝටර් රථයේ රියදුරු සහ ඔහුගේ 31 හැවිරිදි පුතු බව පොලීසිය සඳහන් කරයි.
 
පින්දෙණිය පොලීසිය මෙම අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.

මේ අතර දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවූ  තවත් රිය අනතුරු කිහිපයකින් මාර්ගයේ ගමන්ගත් පුද්ගලයින් සිව් දෙනෙකු මියගොස් තිබේ.

මිනුවන්ගොඩ ප්‍රදේශයේද ලොරි රථයක ගැටීමෙන් 62 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය.

නිට්ටඹුව ප්‍රදේශයේදී ද වෑන් රථයක ගැටීමෙන් 73 හැවිරිදි කාන්තාවක් මියගොස් ඇති අතර කෑගල්ල ප්‍රදේශයේදී යතුරුපැදියක ගැටීමෙන් 79 හැවිරිදි කාන්තාවක් මියගොස් තිබේ.

වෙන්නප්පුව ප්‍රදේශයේදී ද යතුරුපැදියක ගැටීමෙන් 75 හැවිරිදි කාන්තාවක් මියගොස් ඇති බව සඳහන් වෙයි.

අනතුරුවලට සම්බන්ධ රියදුරන් අදාළ පොලිස් ස්ථාන මගින් අත්අඩංගුවට ගෙන තිබේ.