මැන්චෙස්ටර් පිපුරුම - 19ක් මරුට-50ට තුවාලයි!

මැන්චෙස්ටර් පිපුරුම - 19ක් මරුට-50ට තුවාලයි!

May 23, 2017   07:18 am


එංගලන්තයේ මැන්චෙස්ටර්හි 'මැන්චෙස්ටර් අරීනා' ගෘහස්ථ ක්‍රීඩාංගණයේ සිදුවූ පිපුරුමකින් පුද්ගලයින් 19 දෙනෙකු මියගොස් තවත් 50 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව විදෙස් පුවත් වාර්තා කරයි.

බී.බී.සී පුවත් සේවය වාර්තා කරන පරිදි ක්‍රීඩාංගණ පැවති, ඇමෙරිකානු ගායිකාවකවන අරියානා ග්‍රෑන්ඩ් සහභාගී වූ සංගීත ප්‍රසංගයක් අවසානයේදී “විශාල පිපුරුම් හඬක්“ ඇසුණු බව සිද්ධිය දුටුවන් පවසා තිබේ.

සිද්ධිය වූ ස්ථානයට ආසන්නයේ පිහිටි මැන්චෙස්ටර් වික්ටෝරියා දුම්රිය ස්ථානය වසා දැමුණු අතර සියලු දුම්රිය ගමන් අවලංගු කර ඇති බව සඳහන්ය.

සිද්ධිය වූ ප්‍රදේශයෙන් ඈත්වී සිටින ලෙස මැන්චෙස්ටර් පොලිසිය ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ජනතාවගෙන් ඉල්ලා ඇත.

පිපුරුමට හේතුව කුමක්දැයි මෙතෙක් අනාවරණය වී නැතත්, ත්‍රස්තවාදී මර්දන ඒකකය විසින් මෙය ත්‍රස්ත ක්‍රියාවක් ලෙස සළකා කටයුතු කරන බව වාර්තා වන බව බී.බී.සී පුවත් සේවය වැඩිදුරටත් කියා සිටියි.

මේ අතර එංගලන්තයේ මෙම පිපිරීමෙන්  තුවාල ලැබූවන් අතර ශ්‍රී ලාංකිකයන් කිසිවක් නොමැති බව වාර්තා වන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.