ජනප්‍රියතාවය වැඩි කර ගන්න සිවාජිලිංගම් ජාතිවාදය අවුස්සනවා

ජනප්‍රියතාවය වැඩි කර ගන්න සිවාජිලිංගම් ජාතිවාදය අවුස්සනවා

May 19, 2017   04:17 pm

තමන්ගේ ඡන්ද පදනම භාවිතා කරමින් ජනප්‍රියතාවය වැඩි කර ගැනීමට සිවාජිලිංගම් මහතා ජාතිවාදී ලෙස කටයුතු කිරීම දැඩි ලෙස හෙළා දකින බව ශ්‍රි ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ සභාපති  ශාන්ත බණ්ඩාර මහතා පවසයි.

අද (19) පැවති ශ්‍රීල.නි.ප. තරුණ පෙරමුණේ මාධ්‍ය හමුවට  එක් වෙමින් ඔහු මේ බව කියා සිටියේ ය.

අගමැතිවරයා හා ජනාධිපතිවරයා ඇතුළු රජය රට එක්සත් කර සියලු දෙනාට නිදහසේ ජීවත් විය හැකි අවස්ථාවක් ලබා දීමට කටයුතු කරමින් සිටින බවත් එවන් මොහොතක සිවාජිලිංගම් මහතා අළු යට සැඟව ඇති ගිණි පුපුරු නැවත වතාවක් අවුස්සා දමමින් ජාත්‍යන්තරයට හා ඩයස්පොරාවට අවශ්‍ය තත්ත්වයක් නිර්මාණය කිරීමට උත්සහ ගන්නා බව ද ශාන්ත බණ්ඩාර මහතා වැඩි දුරටත් පැවසීය. 

එමෙන්ම සැබෑ ලෙසම උතුරේ ජනතාවට සේවය කිරීමට අවශ්‍ය නම් එම ජනතාව වෙනුවෙන් ඔවුන්ට අවශ්‍ය පහසුකම් ලබා දීමට ඉදිරිපත් විය යුතු බව ද මන්ත්‍රීවරයා කියා සිටියේය.

මේ අතර විශාල වගකීමක් සහිත පුද්ගලයෙක් වශයෙන් විග්නේෂ්වරන් මහතා කටයුතු කළ යුතු බවත් දකුණේ නායකයින්ට මෙන්ම උතුරේ නායකයින්ට රට වෙනුවෙන් විශාල මෙහෙවරක් ඉටු කිරීමට ඇති බව ද ශාන්ත බණ්ඩාර මහතා පැවසීය.