වත්මන් ආණ්ඩුවේ දැක්ම පැසසුමට ලක්වෙලා
April 29, 2017 07:08 am
ආගමික සමඟිය සහ සාමය පිළිබඳ වත්මන් ආණ්ඩුවේ දැක්ම ලෝක ඉස්ලාමීය නායකයින්ගේ පැසසුමට ලක්ව තිබේ.
“ඉස්ලාමීය යථාර්ථය සහ කාලීන අභියෝග“ යන තේමාව යටතේ පසුගියදා කොළඹ පැවති සමුළුවේ ආරම්භක අවස්ථාවට එක්වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය දැක්ම, පැමිණ සිටි නියෝජිත පිරිස හමුවේ ප්‍රකාශ කර ඇති බව සඳහන්ය.
එම සමුළුවට පැමිණි ජ්‍යේෂ්ඨ ඉස්ලාමීය නියෝජිත පිරිස ඊයේ (28)ජනාධිපති කාර්යාලයේදී මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවූ අවස්ථාවේදී ජනාධිපතිවරයාගේ මෙම දැක්ම ප්‍රශංසාවට ලක් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේය.
වර්තමානයේදී දේශපාලඥයින් පිළිබඳව ජනතාවගේ විශ්වාසය පළුදු වී ඇතත්, ආගමික නායකයින් කෙරෙහි පවතින විශ්වාසය නොවෙනස්ව පවතින බැවින් ආගමික නායකයින් හට සමාජයට මෙහෙයක් ඉටු කළ හැකි බව ජනාධිපතිවරයා නියෝජිතයන් හමුවේ අවධාරණය කර ඇත.