ලංකාව ගැන ස්වාධීන පරීක්ෂණයක් පවත්වන්න ඉන්දියාව බලපෑම් කළ යුතුයි

ලංකාව ගැන ස්වාධීන පරීක්ෂණයක් පවත්වන්න ඉන්දියාව බලපෑම් කළ යුතුයි

March 21, 2017   08:31 am



ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ස්වාධීන ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වීමට ඉන්දීය රජය බලපෑම් කළ යුතු බව ඒ.අයි.ඒ.ඩි.එම්.කේ. පක්ෂය පවසයි.

එම පක්ෂයේ නායක වී.මෛත්‍රියන් ඊයේ(20) එරට පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් මේ බව ප්‍රකාශ කර තිබේ.

මෙවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට අමෙරිකාව සහ බ්‍රිතාන්‍ය ඇතුළු රටවල් කිහිපයක් එක්ව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති යෝජනාවට ඉන්දියාව විරෝධය පළ කළ යුතු බව ඔහු පවසයි.

යුද්ධය අවසන් වී වසර 8ක් ගතවුව ද මෙතෙක් ශ්‍රී  ලංකාවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් කිසිදු පරීක්ෂණයක් ආරම්භ කර නොමැති බැවින් ඒ සඳහා තවත් වසර දෙකක කාලයක් ලබාදීමේ අවශ්‍යතාවක් නොමැති බව ඔහු පවසයි. 

එම නිසා හෙට(22) දිනයේ ශ්‍රී  ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති අදාළ යෝජනාවට විරුද්ධව ඉන්දියාව ඡන්දය ප්‍රකාශ කළ යුතු බව වී.මෛට්‍රියන් පෙන්වා දෙයි.

ශ්‍රී ලාංකික දෙමළ ජනතාව වෙනුවෙන් සාධාරණය ඉටුකරදෙන ලෙස  ඉන්දීය අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදීගෙන් තමා ඉල්ලා සිටින බව ද ඔහු එරට පාර්ලිමේන්තුව අමතමින් වැඩිදුරටත් සඳහන් කර තිබේ.