මීළඟ අගවිනිසුරු ලෙස ඩෙප් නිර්දේශ වෙයි

මීළඟ අගවිනිසුරු ලෙස ඩෙප් නිර්දේශ වෙයි

February 27, 2017   11:45 pm


නව අගවිනිසුරුවරයා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතාගේ නම  ව්‍යවස්ථාදායක සභාව නිර්දේශ කර තිබේ.

කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ව්‍යවස්ථාදායක සභාව ඊයේ රාත්‍රී කතානායක නිල නිවසේ දී රැස් විය.

 එහිදි නව අගවිනිසුරුවරයා ලෙස ප්‍රියසාද් ඩෙප් මහතාගේ නම ඒකමතිකව නිර්දේශ කිරීමට ව්‍යවස්ථාදායක සභාව තීරණය කළ බව ව්‍යවස්ථාදයක සභාවේ සාමාජික ඒ.ටි.ආරියරත්න මහතා සඳහන් කළේය.

අගවිනිසුරු කේ.ශ්‍රීපවන් මහතා අද(28) දිනයේ විශ්‍රාම යාමට නියමිත බැවින් නව අගවිනිසුරුවරයෙක් පත් කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ව්‍යවස්ථාදායක සභාවෙන් අනුමැතිය ඉල්ලා තිබේ.

ජනාධිපතිවරයා විසින් ප්‍රියසාද් ඩෙප් සහ කේ.පි.චිත්රැසිරි යන අයගේ නම් ව්‍යවස්ථාදායක සභාවට යෝජනා කර තිබු බව වාර්තා වේ.

 ඒ අනුව ව්යාවස්ථාදායක සභාව විසින් ජ්‍යෙෂ්ඨත්වය මත සලකා ප්‍රියසාද් ඩෙප් මහතාගේ නම නව අගවිනිසුරුවරයා ලෙස ජනාධිපතිවරයා වෙත නිර්දේශ කිරීමට තීරණය කර තිබේ.
.