භාෂාව පදනම් කරගනිමින් රට තුළ ගැටළු ඇති නොවිය යුතුයි

භාෂාව පදනම් කරගනිමින් රට තුළ ගැටළු ඇති නොවිය යුතුයි

October 23, 2016   03:06 pm





භාෂාව පදනම් කරගනිමින් රට තුළ කිසිඳු ගැටළුවක් ඇති නොවිය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

 භාෂාව මනුෂ්‍යත්වයේ හඞ විය යුතු බව පවසන ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ භාෂා අනුව පන්ති භේදයක් හෝ සම්පත් බෙදීයාමේ අසාධාරණයක් නොවිය යුතු බවයි.

මහනුවර ධර්මරාජ විද්‍යාලයේ පැවති සමස්ත ලංකා දෙමළ භාෂා දින තරගාවලියේ සම්මාන ප්‍රදානෝත්සවය අමතමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම අදහස් පළ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපතිවරයා සඳහන් කළේ ඕනෑම භාෂාවක් කතාකරන අයට තමන්ගේ භාෂාවෙන් පරිපාලන කටයුතු කරගැනීමට අවශ්‍ය පහසුකම්  සැපයීම රජයක වගකීම වන අතර එම අයිතිය තව තවත් තහවුරු කිරීමට වත්මන් රජය කැපවී සිටින බවයි.

 දෙමළ සහ මුස්ලිම් සිසුන්ට සිංහල භාෂාව ඉගෙන ගැනීමටත්, සිංහළ සිසුන්ට දෙමළ භාෂාව ඉගෙන ගැනීමටත් අධ්‍යාපන අමාත්‍යාංශය හරහා භෞතික සහ මානව සම්පත් වැඩි දියුණු කිරීමට කටයුතු කරන බව ජනාධිපතිවරයා එහිදී තවදුරටත් කියා සිටියේය.