ජනවාර්ගික අර්බුදය සහ යාපනය සරසවි සිසු ගැටුම
August 1, 2016 12:30 pm
සටහන: සුරෝෂන ඉරංග
ජාතික වශයෙන් ජනවාර්ගික සංහිඳියාව ගොඩනැගීමේ කාලීන අවශ්‍යතාව වඩාත් අවධාරණය කරමින් ඇතිවූ සිදුවීමක් පිළිබඳව මේ දිනවල වඩාත් උණුසුම් කතාබහක් නිර්මාණය වී තිබේ. ඒ පසුගිය දිනයක යාපනය විශ්වවිද්‍යාලයේ දී සිදුවූ සිසු ගැටුම හේතුවෙනි. මෙම ගැටුම වෙනත් සාමාන්‍ය සරසවි සිසු ගැටුම් හා සැසඳීමේ දී සුවිශේෂී අවධානයක් යොමු කළ යුතු සිදුවීමක් බවට පත්ව ඇත්තේ එය දමිළ සිසුන් සහ සිංහල සිසුන් අතර ඇතිවූ ගැටුමක් වීම ඔස්සේ කිසියම් වාර්ගික මුහුණුවරක් එම ගැටුම තුළින් ඉස්මතු වීම සහ විවිධ පාර්ශව විසින් එම ගැටුම විවිධ ස්වරූපයෙන් අර්ථදැක්වීම හේතුවෙනි.
විශේෂයෙන්ම එමඟින් ඓතිහාසික වශයෙන් විකාශය වෙමින් ආ ජනවාර්ගික අර්බුදය පිළිබඳ ගැටළුව තවදුරටත් තීව්ර කරනු ලබන අතර එහි ඇති වඩාත් සංකීර්ණ ස්වභාවය වන්නේ මෙම ගැටුම සම්බන්ධයෙන් විවිධ කණ්ඩායම් අතර පවත්නා මත ගැටුම් උග්‍ර ජාතිවාදී තත්වයක් දක්වා ගමන් කිරීමයි. එහෙත් සිවුවන ඊළාම් යුද්ධයේ අවසානය තෙක් ඉතිහාසය පුරා සිදුවූ ජාතිවාදී අරගල මඟින් පෙන්වා දී ඇති ආකාරයට වාර්ගික ගැටුම් කිසිදු ජනවාර්ගික අර්බුදයකට විසඳුමක් නොවන බැවින් ලාංකේය සමාජය තුළ සැබෑ ජාතික සංහිඳියාවක් ගොඩනැගීමේ අභියෝගය දිනෙන් දින වඩාත් ප්‍රබල අවශ්‍යතාවක් බවට පත්වෙමින් පවතින බවට මෙම සිසු ගැටුම ප්‍රබල සාක්ෂියක් වේ. එනිසා යාපනය සරසවියේ සිසුන් අතර ඇතිවූ ගැටුම මෙරටේ පවතින ප්‍රමුඛතම සමාජ අර්බුදය පිළිබඳ නැවත කියවීමකට ලක්කළ යුතු අවස්ථාවක් ලෙස පෙන්වා දීම වැරදි නොවන අතර මේ ඒ පිළිබඳව තබන සටහනකි.
ජනවාර්ගික අර්බුදය නැමැති යෙදුම මෑත කාලීනව දමිළ සහ සිංහල ජනවර්ගය අතර උද්ගතවී ඇති තත්වයක් ලෙස වඩාත් බහුලව භාවිතයට ගනු ලැබුවද එවැනි අර්බුද ලාංකේය ඉතිහාසය පුරාම විවිධ ස්වරූපයෙන් පැනනැඟී ඇති බවට මහාවංශය ඇතුළු මෙරට ලිඛිත ඓතිහාසික මූලාශ්‍ර ගණනාවක් විසින් සාක්ෂි දරයි. ඒ අනුව යක්ෂ, නාග, දේව නම්වූ ස්වදේශික ගෝත්‍රික ජන කණ්ඩායම් වාසය කළ මෙරටට විජය ඇතුළු සත්සියයක් පිරිසකගේ ආගමනය සිදුවීම ඓතිහාසික මූලාශ්‍ර අනුව ස්වදේශික ජනවර්ග හා මිශ්‍රවන මුල්ම අන්‍ය ජනවර්ගය ලෙස උපකල්පනය කළ හැකිය. ඉන් අනතුරුව අවස්ථා ගණනාවක දී ඉන්දියාවෙන් මෙරටට සංක්‍රමණ සිදුවීම මඟින් මෙරට ජනාවාස වූ බව කියනු ලැබේ. ඉන්පසුව දේවානම්පියතිස්ස රජ සමයේ දී සිදුවන සංඝමිත්තා තෙරණියගේ පැමිණීම සමඟ ලම්බකර්ණ වංශිකයින් පැමිණීමත් ඒ වන විට මෙරටේ රාජ්‍යත්වය හොබවමින් සිටි මෞර්ය වංශිකයන් සමඟ පසුව ඔවුන් රාජ්‍යත්වය සඳහා අරගල කිරීමත් එම අරගල අනුරාධපුර යුගය පුරාම දක්නට ලැබීම ඓතිහාසික සාධක අනුව මෙරට තුළ ජනවාර්ගික අරගල පැවති බවට පෙන්වාදිය හැකි නිදසුනක් වේ. මූලාශ්රගත සාධක අනුව මෞර්ය වංශිකයින් සහ ලම්භකර්ණ වංශිකයින් ප්‍රථම වතාවට අරගලයකට යොමු වන්නේ ඉලනාග රජ සමයේ දීය. එසේම පසුකාලීනව පොළොන්නරු යුගය තුළ දී කාලිංග සහ පාණ්ඩ්‍ය වංශිකයින් දේශපාලනික බල අරගලවල නිරතවන බව දැකිය හැකිවේ.
එසේම විවිධ අවස්ථාවල මෙරටට සිදුවන දකුණු ඉන්දීය ආක්‍රමණ මඟින් මෙරට තුළ ද්‍රවිඩ ජනගහනයක් වර්ධනය වීම සඳහා අවකාශය සැලසුණු බවද පැවසිය හැකිය. එනම් එක් ආක්රමණිකයෙකු සමඟ පැමිණෙන ද්‍රවිඩ කුලී හේවායින් පසුව මෙරට තුළ පදිංචි වීම සහ ඉන්පසුව නැවත වෙනත් ආක්රමණිකයෙකු වෙතින් මෙරටට එල්ල වන ආක්‍රමණයක දී ඔවුන් සිංහල පාලකයාට විරුද්ධව ආක්රමණිකයා සමඟ එකතු වීම දක්නට ලැබීම ලාංකේය ඉතිහාසය පුරාම ජනවර්ගය මත පදනම්ව අරගල ක්‍රියාත්මක වූ බවට පෙන්වා දිය හැකි නිදසුන් වේ. මෙසේ එල්ලවූ දකුණු ඉන්දියානු ආක්‍රමණ සඳහා නිදසුන් ලෙස වළගම්බා සමයේ සිදුවූ සප්ත ද්‍රවිඩ ආක්‍රමණය හා වංකනාසිකතිස්ස රජ සමයේ එල්ල වූ කරිකාලචෝළ ආක්‍රමණය ආදිය ගෙනහැර දැක්විය හැකිය.
වර්තමානයේ දී මෙරට තුළ වඩාත් අර්බුදකාරී තත්වයකට පත්ව ඇති දමිළ සිංහල වාර්ගික අර්බුදයේ ආරම්භය බි්රතාන්යයන් විසින් මෙරට පාලනය කළ යුගය දක්වා දිවේ. එනම් බි්රතාන්යයන් විසින් අනුගමනය කළ බෙදා වෙන් කොට පාලනය කිරිමේ ප්‍රතිපත්තිය මේ සඳහා බලපෑ බව පෙනේ. ඒ අනුව මෙරට තුළ සිංහල බෞද්ධ ජන ප්‍රතිශතය ඉහළ අගයක් ගැනීම නිසා බි්රතාන්ය යටත් විජිත පාලන ක්‍රමයට එරෙහිව ඔවුන්ට ප්‍රබල බලපෑමක් ඇතිකිරීමට තිබූ හැකියාව වැළැක්වීම පිණිස මෙම ක්‍රමවේදය අනුගමනය කළ බවට තර්ක කළ හැකිය. එමඟින් ජනවර්ග මත පදනම්ව එක් එක් ජනවර්ගයට විශේෂ වරප්‍රසාද සැලසීමට කටයුතු කිරීමත් එමඟින් ඔවුනොවුන් අතර මතභේද වර්ධනය කිරීමට උත්සාහ කිරීම මඟින් යටත් විජිත පාලනය කෙරෙහි ප්රතිවිරෝධයක් පැනනැඟීම යටපත් කළ බව පෙනේ. එහි දී දමිළ හා සිංහල ජනවර්ග අතර පමණක් නොව උඩරට හා පහතරට සිංහල ජනවර්ග පවා බි්රතාන්යයන් විසින් විශේෂීකරණය කර සැලකීම තුළ සිංහල ජනයා තවදුරටත් ප්‍රදේශ වශයෙන් ද වෙන් කරමින් ඔවුන් අතර නොසන්සුන්කාරී තත්වයක් ඇති කිරීම සඳහා බි්රතාන්යයන් උපක්‍රමශීලිව කටයුතු කළ බව පෙනේ. එය කෙතරම් සාර්ථක වූවා ද යත් දමිළ සිංහල ජනවාර්ගික අර්බුදය පශ්චාත් යටත්විජිත සමයේ දී වුව ද විසඳාගත නොහැකි වූ ප්‍රබල සමාජ අර්බුදයක් ලෙස තවදුරටත් වර්ධනය වෙමින් පවතී. පසුගිය දිනයක යාපනය සරසවියේ ගැටුම ලෙස ද ඉස්මතු වූයේ එහිම තවත් එක් දිගුවක් බව අප අමතක නොකළ යුතුය.
එසේ සලකන කල බි්රතාන්යයන් ඔවුන්ගේ එම පාලන ප්රතිපත්තීන් ක්‍රියාවට නැංවූයේ ඔවුන් විසින් මෙරටට හඳුන්වා දුන් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ මඟිනි. ඒ අනුව 1833 වර්ෂයේ සිට මෙරට තුළ ක්‍රියාත්මක කළ කෝල්බෲක්-කැමරන් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ යෝජනා වර්තමාන ජනවාර්ගික අර්බුදයේ මූල බීජය ලෙස බොහෝ විචාරකයින් විසින් පෙන්වා දෙනු ලබන අතර වාර්ගික පදනමක් සහිතව එමඟින් ඇති කළ ව්‍යවස්ථාදායක සභාවට අමතරව ක්‍රියාත්මක කළ අනෙකුත් යෝජනා මඟින් ද එම තත්වය තීව්රව උද්ගත වූ බව පැවසිය හැකිය. එහි දී කෝල්බෲක්-කැමරන් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ තුළින් මන්ත්‍රීවරුන් 15 දෙනෙකුගෙන් යුත් ව්‍යවස්ථාදායක සභාව මෙරට මුල්වරට පිහිටුවන ලදි. ඔවුන් නිලලත් 9 ක් හා නිල නොලත් 6 වශයෙන් පත්කරන ලදි. මෙම නිල නොලත් පිරිස සමන්විත වූයේ යුරෝපීයයන්, බර්ගර්, සිංහල හා දමිළ ජනවර්ග වලිනි. කෙසේ වුවත් ව්‍යවස්ථාදායක සභාව තුළ වාර්ගික පදනම අනුව සිදුකළ මෙම පත්කිරීම කිසිසේත් මෙරට ජන අනුපාතය හා සැසඳීමේ දී සාධාරණ නොවන බවට පෙන්වා දිය හැකි වේ. මෙහි දී ජනවාර්ගික අර්බුදය පිළිබඳ විග්රහ කරන ඇතැම් විචාරකයින් පෙන්වා දෙනු ලබන්නේ සිංහල හා දමිළ ජන අනුපාතය 1:1 වන ලෙස පත්කිරීම සිදුකිරීම ජනවාර්ගික අර්බුදයක් නිර්මාණය කිරීම සඳහා බි්රතාන්යයන් විසින් සැලසුම් සහගතව සිදුකළ ක්‍රියාවක් බවයි. මන්ද යත් සිංහල හා දමිළ ජන අනුපාතය ආසන්න වශයෙන් එකල 6:1 අනුපාතයක් සහිතව පැවති නමුත් ඒ පිළිබඳව කිසිදු සැලකිල්ලක් නොදක්වමින් 1:1 අනුපාතය සහිතව ව්‍යවස්ථාදායක සභාව තුළ පත්කිරීම් සිදු කිරීමට කටයුතු කිරීම එයට හේතුවයි.
එසේම කෝල්බෲක්-කැමරන් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ තුළින් ක්‍රියාත්මක කිරීමට කටයුතු කළ අනෙකුත් යෝජනා ද ජනවාර්ගික අර්බුදයක් ඇති කිරීමෙහිලා හේතු වූ බවට කරුණු ඉදිරිපත් වේ. එනම් එයට පෙර පැවති පළාත් 16 පළාත් 5 කට බෙදා පාලනය කිරීමට කටයුතු කිරීම සහ උඩරට සහ පහතරට ඒකාබද්ධ කර එක් පාලන ව්‍යුහයක් යටතට ගෙන ඒමත් සිදුවිය. එහි දී සමාජයීය, සංස්කෘතික සහ භූගෝලීය සාධක පිළිබඳ සැලකිල්ලක් නොදක්වමින් කටයුතු කිරීම මඟින් ජනවාර්ගික අර්බුදය වර්ධනය කිරීමේ සාධක නිර්මාණය කරනු ලැබූ බව පැවසේ.
1833 දී පත්කරනු ලැබූ ව්‍යවස්ථාදායක සභාව පසුව තවදුරටත් ජනවාර්ගික සංයුතිය උග්‍ර කරමින් වර්ධනය කිරීමට බි්රතාන්යයන් විසින් කටයුතු කරනු ලබයි. ඒ අනුව 1889 වන විට ව්‍යවස්ථාදායක සභාව තුළ යුරෝපීයයන් තිදෙනාට අමතරව උඩරට සිංහල, පහතරට සිංහල, දමිළ, මුස්ලිම් හා බර්ගර් ලෙස ජනවාර්ගික සංයුතිය සකස් කිරීමට ආණ්ඩුකාරවරයා ප්රමුඛ බි්රතාන්ය පාලනය කටයුතු කරයි. එමඟින් මුල් අවස්ථාවේ 1:1 ක්ව පැවති සිංහල දමිළ ජන අනුපාතය මෙම වෙනස්කිරීම් අනුව 2:1 දක්වා වෙනස් වන බව පෙනේ. විශේෂයෙන්ම මෙහි දී සිංහල ජන වර්ගය අතර පවා මතභේද වර්ධනය කිරීමේ අරමුණෙන් උඩරට සිංහල සහ පහතරට සිංහල වශයෙන් ද වෙන් කිරීමට කටයුතු කිරීම කැපී පෙනෙන අතර එම තත්වය වෙනත් ජනවර්ග අතර පවා නොසන්සුන් ස්වභාවයක් වර්ධනය කිරීමට ද හේතු වීම ඉතා කණගාටුදායකය. කෙසේ වෙතත් 1833 වර්ෂයෙන් ආරම්භ වූ බි්රතාන්යයන්ගේ මෙම පාලන ක්‍රමවේදය 1947 වර්ෂය වන තෙක් විවිධ වෙනස්වීම්වලට භාජනය වෙමින් ක්‍රියාත්මක වේ. එහි දී විවිධ ජනවර්ග නියෝජනය කළ නායකයින් විසින් ඔවුන්ගේ ජනවර්ගයට ව්‍යවස්ථාදායක සභාව තුළ වැඩි නියෝජනයක් ලබා ගැනීමට උත්සාහ දැරීම තුළ විවිධ ජනවර්ග අතර මතභේද වඩාත් උග්‍ර වන බව දක්නට ලැබේ.
එහෙත් ලංකා ජාතික සංගමය පිහිටුවා ගැනීමේ දී සිංහල, දමිළ, මුස්ලිම් හා බර්ගර් ආදී සියලූ ජාතීන්ගේ නියෝජනය එහි පැවති බව ප්‍රකාශ කළ හැකිය. එහි පළමු සභාපති බවට පත්වන්නේ ද පොන්නම්බලම් අරුණාචලම් මහතාය. මෙම ජාතික සංගමය 1918 දී භූමිය මත පදනම්ව මන්ත්‍රීවරු තෝරා ගැනීමට තීරණය කරන ලදි. එහෙත් යාපනය සංගමයට අවශ්‍ය වූයේ ජනවර්ග පදනමක් මත මන්ත්‍රීවරු තෝරාගැනීමටය. මෙහි දී අවධානය යොමු කළ යුතු තවත් වැදගත් කරුණක් වන්නේ යාපන සංගමය ලංකා ජාතික සංගමයට ඇතුළුවීමේ දී එහි නායකයින් දෙදෙනෙකු වූ ජේම්ස් පිරිස් හා ඊ. ජේ සමරවික්‍රම නම් නායකයින් විසින් සංගමයේ ප්‍රතිපත්තීන්ට අනුකූලව යාපන සංගමයේ ඉල්ලීම්වලට ඉඩදිය හැකි බවට පොරොන්දුවක් ලබා දීමයි. එහෙත් එමඟින් පැනනඟින අර්බුදකාරී තත්වයක් මත අරුණාචලම් මහතා ලංකා ජාතික සංගමයෙන් ඉවත්වී 1921 වසරේ දී දෙමළ මහජන සභාව පිහිටුවා ගැනීමට කටයුතු කරනු ලබයි. කෙසේවුවත් වාර්ගික අරමුණු මත පදනම් වෙමින් මෙවැනි සංගම් පිහිටුවා ගැනීම පසුකාලීනව සෑම ජන වර්ගයකටම අදාළව දැක ගත හැකි කරුණක් වේ.
මේ අනුව බි්රතාන්යයන් විසින් ජනවාර්ගික අර්බුදයක් නිර්මාණය කිරීම සඳහා මෙරට තුළ වපුරන මූල බීජ ක්‍රමක්‍රමයෙන් වර්ධනය වන බව දැකගත හැකිවේ. ඇතැම්විට එම සාධක හේතුවෙන් ප්රජාතන්ත්රවාදය වැනි සාධාරණ තත්ව සමාජය තුළ ස්ථාපනය කිරීම සඳහා ගනු ලැබූ ක්‍රියාමාර්ග ද ජනවාර්ගික අර්බුදය තීව්ර කිරීම සඳහා හේතු වූ සාධක ලෙස ඉස්මතු කර දැක්වීම සඳහා කටයුතු කිරීම ද අතිශය කණගාටුදායක තත්වයකි. එනම් ජනගහන අනුපාතය නොසලකා වාර්ගික පදනමෙන් බි්රතාන්යයන් විසින් සිදුකළ මන්ත්‍රීවරු තෝරා පත් කිරීම 1931 වර්ෂයේ දී ඩොනමෝර් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය යටතේ සර්වජන ඡුන්ද බලය මඟින් අහෝසි වූ නිසා එමඟින් දමිළ දේශපාලන බලය පිරිහීම තුළ එම තත්වය ජනවාර්ගික අර්බුදයට හේතු වූ බවට සාධක ගෙනහැර දැක්වේ. එසේම 1947 වර්ෂයේ දී හඳුන්වා දුන් සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ සුළු ජාතීන් පිළිබඳ වූ වගන්තියක් අන්තර්ගත කිරීම ද ජාතීන් අතර නොසන්සුන්කාරිත්වයක් වර්ධනය කිරීමක් විය.
මෙසේ මෙරට තුළ ජනවාර්ගික අර්බුදයක් ඇතිවීම සඳහා යටත් විජිත සමය තුළ දී නිර්මාණය කරනු ලැබූ හේතු සාධක 1948 වර්ෂයේ දී ඩොමීනියන් තත්වයේ නිදහසක් ලැබීමෙන් පසුවත් ඉන් අනතුරුව 1972 වර්ෂයේ දී පූර්ණ නිදහස ලබා ගැනීමෙන් පසුව අද දක්වාමත් විවිධ ස්වරූපයෙන් උත්කර්ෂයට නැංවේ. ඒ අනුව 1956 වසරේ දී එස්.ඩබ්ලිව්.ආර්.ඩි. බණ්ඩාරනායක ජනාධිපතිවරයාගේ පාලන සමය තුළ ගෙන එනු ලැබූ සිංහල රාජ්‍ය භාෂා පනත මඟින් රාජ්‍ය භාෂාව ලෙස සිංහල යොදා ගැනීමට කටයුතු කිරීම ඔස්සේ වාර්ගික කෝලාහල ඇතිවීමේ ප්‍රවණතාවක් උද්ගත වුවද පසුව දමිළ නායකයන් සමඟ ඇති කර ගන්නා ලද ගිවිසුමක් මඟින් දමිළ භාෂාවට ද නිසි තත්වය ලබා දීම සඳහා නීති සම්පාදනයට එකඟ විය.
ඉන්පසුව දමිළ සිංහල ජනවාර්ගික අර්බුදය අතිශය උග්‍ර තත්වයකට පත්වන්නේ 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිර්මාණය කිරීමත් මඟිනි. විශේෂයෙන්ම එමඟින් සෝල්බරි ව්‍යවස්ථාවේ අන්තර්ගතව තිබූ සුළු ජාතීන් සම්බන්ධ වගන්තිය ඉවත් කරමින් එය පනවා තිබූ අරමුණ මූලික අයිතිවාසිකම් ප්රඥප්තියෙන් සාධනය වන බවට අදහස් ඉදිරිපත් කළ ද එය අනුමත කිරීමට දමිළ ජාතීන් කටයුතු කළේ නැත. එනිසා දමිළ පක්ෂ සියල්ලක්ම ඒකාබද්ධ වී කටයුතු කරමින් මෙරට තුළ දමිළ රාජ්‍යයක් පිහිටුවීමේ අරමුණින් කටයුතු කරනු ලබයි.
තව ද 1977 වර්ෂයෙන් පසුව මෙම තත්වය වඩාත් උග්‍ර අතට හැරීම තුළ රට තුළ ගැටුම්කාරී තත්වයක් වර්ධනය වේ. මේ අතර දමිළ දේශපාලන නායකයින්ගේ කටයුතු මෙන්ම ද්‍රවිඩ ඊළාම් විමුක්ති කොටි සංවිධානය හෙවත් එල්.ටී.ටී.ඊ සංවිධානය ත්‍රස්තවාදී කණ්ඩායමක් ලෙස ඉස්මතු වීමට පටන් ගැනීම දමිළ සිංහල ජනවාර්ගික අර්බුදය යුධමය තත්වයක් දක්වා වර්ධනය කිරීමට හේතුවක් වේ. ඒ අනුව 1975 ජුලි 27 දින එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් යාපනය නගරාධිපති ඇල්ෆ්රඞ් දොරේඅප්පා ඝාතනය කිරීම මඟින් සිය ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් ආරම්භ කිරීමේ සිට ශ්‍රී ලංකා හමුදාව වෙතින් 2009 වර්ෂයේ මැයි මස 19 වැනි දින යුධමය වශයෙන් ඔවුන් පරාජය ලබන තෙක් දශක තුනකට අධික කාලයක් පුරා සිවිල් වැසියන් සිය ගණනක් හා දේශපාලන නායකයින් ඝාතනය කරමින් ඊළාම් රාජ්‍යයක් සඳහා වන ඔවුන්ගේ අරමුණ ඉටු කර ගැනීම සඳහා උත්සාහ කරනු ලබයි. මේ අතර 1983 ජුලි 23 දින ශ්‍රී ලංකා යුද හමුදාවේ සොල්දාදුවන් 13 දෙනෙක් එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් ඝාතනය කිරීම මඟින් ඇරඹෙන වාර්ගික කෝලාහලය හෙවත් කළු ජූලිය මෙම ජනවාර්ගික අර්බුදය හේතුවෙන් ඉතිහාසයට එක් වූ කළු පැල්ලමක් ලෙස පෙන්වා දීම වඩා සාධාරණය.
මෙම දමිළ සිංහල වාර්ගික අර්බුදයට විවිධ අවස්ථාවල විවිධ විසඳුම් අනුගමනය කරනු ලැබුව ද ඒ කිසිවක් තුළින් අපේක්ෂිත ප්‍රතිඵල කරා එළඹීමට නොහැකිවූ බව පැවසීම වඩා යුක්ති සහගතය. ඒ අනුව ජේ.ආර්.ජයවර්ධන ජනාධිපතිවරයා සහ ඉන්දියානු අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි මහතා අතර අත්සන් තැබූ ඉන්දු - ලංකා ගිවිසුමේ ප්‍රතිඵලයක් අනුව 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එක් කරන ලද 13 වන සංශෝධනය මඟින් පළාත් සභා ක්‍රමය හඳුන්වා දුන් අතර එමඟින් මෙරට තුළ පළාත් 9 ක් ඇති කරන ලද අතර උතුරු සහ නැගෙනහිර පළාත එක් පළාත් සභාවක් ලෙස පිහිටුවන ලදි. කෙසේ වුවත් මෙරට ජනවාර්ගික අර්බුදයට සාර්ථක විසඳුමක් ලෙස එය ප්‍රායෝගික නොවුණු අතර අවසානයේ සිදුවූයේ එයට පාර්ශවකරුවෙකු වූ රජීව් ගාන්ධි මහතා 1991 වසරේ දී එල්.ටී.ටී.ඊ සංවිධානය වෙතින් ඝාතනයට ලක්වීමය.
13 වන සංශෝධනයට අමතරව ජනවාර්ගික අර්බුදයට විසඳුම් ලෙස අවස්ථා ගණනාවක දී විවිධ රජයන් විසින් සාම සාකච්ඡුා සඳහා අවතීර්ණ වන බව දක්නට ලැබේ. ඒ අනුව 1985 දී භූතානයේ තිම්පු නුවර දී පැවැත්වූ සාකච්ඡුා, 1994 වසරෙන් පසු චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිනියගේ පාලන කාලය තුළ සාමය සඳහා දරණ ලද විවිධ උත්සාහයන් මෙන්ම 2001 වසරේ දී රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධූරයට පත්වීමෙන් පසු 2002 වසරේ දී සටන් විරාම ගිවිසුමක් අත්සන් කිරීමෙන් සාමය සඳහා දරණ ලද උත්සාහය සහ 2006 වර්ෂයේ දී ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර දී පවත්වන ලද සාම සාකච්ඡුා ආදිය පෙන්වා දිය හැකිය. එහෙත් මෙම සෑම ක්‍රියාමාර්ගයක්ම අසාර්ථක වීම තුළ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලන සමයේ දී එල්.ටී.ටී.ඊ සංවිධානය යුදමය වශයෙන් පරාජය කරන ලදි.
මෙසේ සලකන කල පසුගිය 16 වැනි දින යාපනය සරසවියේ දී සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුම හුදු සාමාන්‍ය ගැටුමක් ලෙස මතුපිටින් දක්නට ලැබුණ ද එය තුළ වසර ගණනාවක් පුරා මෙරට තුළ විවිධ ස්වරූපයෙන් ඉස්මතු වෙමින් ආ ජනවාර්ගික අර්බුදය නිරූපණය කරනු ලබන බව සැලකීම වැරදි නොවේ. මන්ද යත් මෙම පහර දීම සිංහල සිසුන් පිරිසකට එරෙහිව සිදු වීමත් ඒ සඳහා එක්තරා සංස්කෘතිකාංගයක් පිළිබඳ ඇතිවූ මතභේදය හේතුවීමත් පෙන්වා දිය හැකිය. එහෙත් එය එක්තරා දුරකට වාර්ගික අරමුණක් අනුව සිදුවුවත් එම පහරදීම සමස්ත සිංහල ජනවර්ගයට එරෙහිව සිදු කළ පහරදීමක් ලෙස හෝ පහරදීම සිදු කරන ලද්දේ සමස්ත දමිළ ජනවර්ගය නියෝජනය කරනු ලබන පිරිසක් ලෙස සැලකීම හෝ නොකළ යුතු බව මෙහි දී අවධාරණය කිරීම වැදගත්ය.
ඉකුත් 16 වැනි දින මෙම ගැටුම සිදුවන්නේ යාපනය සරසවියේ විද්‍යා පීඨයට පැමිණෙන නවක සිසුසිසුවියන් පිළිගැනීම සඳහා සංවිධානය කර තිබූ උළෙලක දී ය. එහි දී එම උළෙල දමිළ සහ සිංහල සංස්කෘතිකාංග අනුව සිදු කළ යුතු බවට සරසවියේ ජ්‍යෙෂ්ඨ සිංහල සිසුන් පිරිසක් විසින් යෝජනා කර ඇතත් එහි ජ්‍යෙෂ්ඨ දමිළ සිසුන් පිරිසක් විසින් එයට විරුද්ධත්වය දක්වා තිබේ. එනම් ඔවුන්ගේ යෝජනාව වී ඇත්තේ එම උළෙල තුළ දමිළ සංස්කෘතිකාංග පමණක් පැවැත්වීම සුදුසු බවයි. එහෙත් එම උළෙල සඳහා සිංහල සංස්කෘතිකාංග අනුව සිංහල සිසුන් තිදෙනෙක් වෙස් නැටුමක් ඉදිරිපත් කිරීමට පුහුණුවීම් සිදුකර ඇති අතර මේ පිළිබඳව දමිළ සිසුන්ට කරුණු පැහැදිලි කිරීමේ දී ඔවුන් විසින් එය අනුමත නොකරන බව සහ එම වෙස් නර්තනය ඉදිරිපත් කළහොත් ප්‍රශ්නයක් ඇතිවිය හැකි බවට අනතුරු අඟවා තිබේ. ඒ අනුව සිංහල ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කර තිබූ මෙම වෙස් නර්තනය උළෙලේ දී ඉදිරිපත් කිරීමට සූදානමින් සිටින අවස්ථාවේ දී එම ස්ථානයට පැමිණි දමිළ සිසුන් පිරිසක් විසින් ඔවුන්ට පහරදීමට කටයුතු කර තිබේ. අවසානයේ එම පහර දීම නිසා ආරක්ෂාව පිණිස සිංහල සිසුන් ද පෙරළා දමිළ සිසුන්ට පහර දීමට කටයුතු කර ඇති බව වාර්තා වේ. මෙම ගැටුමේ ප්‍රතිඵලයක් ලෙස සිසුන් 25 දෙනෙකු පමණ තුවාල ලැබූ බව වාර්තා වූ අතර බරපතල තත්වයේ පසුවූ සිසුවෙකු කොළඹ ජාතික රෝහලට ද ඇතුළත් කරන ලදි. ගැටුම පාලනය කිරීම සඳහා පොලීසිය කැඳවා යාපනය සරසවිය දින නියමයක් නොමැතිව වසා දැමූව ද මේ වන විට සරසවිය විවෘතව ඇතත් එයට සිංහල සිසුන්ගේ පැමිණීමේ අඩුවක් පවතින බව වාර්තා වේ.
මෙම ගැටුම දමිළ සහ සිංහල සිසුන් අතර සිදුවූ ගැටුමක් ලෙස මෙරට ප්‍රධාන ධාරාවේ මාධ්‍ය මඟින් ඉස්මතු නොකිරීම තුළ වසර ගණනාවක් පුරා වාර්ගික අර්බුද මඟින් පීඩාවට පත්ව සිටින මෙරට සමාජය මත ජාතිවාදය පතුරවා හැරීමට උත්සාහ නොකිරීම අතිශය ප්‍රශංසනීය තත්වයකි. එහෙත් තත්වය එසේ වූ පමණින් ෆෙස්බුක් සමාජ මාධ්‍ය භාවිතය තුළ මෙම සිදුවීම අතිශය අන්තවාදී ජාතිවාදී ස්වරූපයෙන් ඉස්මතු වීම වැළැක්විය නොහැකි විය. එබැවින් සිදුවූ සත්‍යය මෙන්ම නොසිදු නොවූ අසත්‍යය පවා ජාතිවාදී මුහුණුවරින් සමාජගත විය. ඇතැමුන් මෙම සිදුවීමට සෘජුවම ත්‍රස්තවාදී මුහුණුවරක් ලබා දෙමින් අදහස් පළකළ ද මෙවැනි සිදුවීමක් මඟින් නැවතත් ජනවර්ග අතර නොසන්සුන්තාව ඇතිකිරීමට කවර ආකාරයෙන් හෝ උත්සාහ දැරීම අනුමත කළ නොහැකිය.
මෙම ගැටුම සම්බන්ධයෙන් විවිධ පාර්ශව විසින් විවිධ අදහස් ගෙන හැර දක්වන ලදි. ඒ අනුව මේ පිළිබඳව රජය දක්වන අදහස වන්නේ ගැටුම් ක්‍රියාවල යෙදුණ ශිෂ්‍යන්ට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගන්නා බව විශ්වවිද්‍යාල බලධාරීන් පවසන බවත් විශ්වවිද්‍යාලය තුළ සාමය ඇති කිරීමට හා සිසුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට රජය බැඳී සිටිනා බවයි. එසේම ජාතික විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය පවසන්නේ මෙම ප්‍රහාරය ජාතිවාදී පදනමක් සහිතව සිදුවී ඇති බව සහ සිංහල සිසුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට කටයුතු කළ බවයි. එසේම මේ පිළිබඳ අදහස් දක්වමින් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසන්නේ යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන්ට පහරදුන් ශිෂ්‍ය කණ්ඩායම් හෝ වෙනත් අය සිටියි නම් ඔවුන්ට නීතිය ක්‍රියාත්මක කළ යුතු බවයි. තවද අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය මේ පිළිබඳව පවසන්නේ ජාතිවාදය ඇවිස්සීමට එරෙහි විය යුතු බවයි.
යාපනය සරසවියේ මෙම ගැටුම සම්බන්ධයෙන් පසුගිය 20 වන දා අධිකරණයට භාර වූ එම සරසවියේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති ටී.ශෂිදරන් ශිෂ්‍යයා යාපනය මහේස්ත්‍රාත්වරයා විසින් රුපියල් ලක්ෂ 2 ක ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට කටයුතු කර තිබේ. එසේම ඔහු දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන එම්.ඒ.සුමන්දිරන් මහතා මඟින් අධිකරණය භාර වූ බව සඳහන්ය.
කෙසේ වුවත් පසුගිය 21 වන දා මාධ්‍ය හමුවක් පවත්වමින් යාපනය සරසවි විද්‍යාපීඨ සිසුන්ගේ දෙමව්පියන් සඳහන් කරනු ලබන්නේ සිසුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පිළිගත හැකි මැදිහත්වීමක් සිදුකර නොමැති බවයි. එසේම ගැටුමෙන් පසුව සිසුවියන් ඇතුළු සියලූ සිසුන් පොලිස් ආරක්ෂාව යටතේ වව්නියාවට ගෙනැවිත් අතහැර දමා ගිය බවද ඔවුන් සඳහන් කරයි. ඒ අනුව යාපනය විශ්වවිද්‍යාලය අභ්‍යන්තරයේ හා ඉන් පිටතත් පූර්ණ ආරක්ෂාව තහවුරු කෙරෙන තෙක් සිය දරුවන් එම විශ්වවිද්‍යාලයට යැවීමෙන් වළකින බව ද ඔවුන් තවදුරටත් ප්‍රකාශ කර තිබේ. එසේම මෙම ගැටුම සම්බන්ධව සොයා බලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට යාපනය සරසවියේ උපකුලපතිනිය විසින් කමිටුවක් ද පත්කළ බව සඳහන්ය.
ඒ අනුව යාපනය සරසවියේ මෙම ගැටුම මඟින් ඉස්මතු වන කරුණු අනුව ජාතිවාදී පදනම මෙම ගැටුම සම්බන්ධව විග්රහ කළ හැකි එක් සාධකයක් පමණි. එසේම සෑම ජනවර්ගයකටම එක හා සමාන අයිතිවාසිකම් හිමිවිය යුතු බව සහ ඔවුන් අනෙකුත් ජනවර්ග කෙරෙහි දක්වන්නා වූ ගෞරවය පිළිබඳ අදහස් ප්‍රකාශ කිරීම කවර පාර්ශවයකට සිදු කළ හැකි වුව ද අදාළ එක් එක් ජනවර්ගය තමන් පිළිබඳව සහ අනෙක් ජනවර්ග සම්බන්ධව ඔවුන් දක්වන්නා වූ ආකල්පය සාධක ගණනාවක් මත පදනම් වන කාරණයකි. විශේෂයෙන්ම මෙම ලිපිය ආරම්භයේ සිට සඳහන් කළ පරිදි දමිළ ජනයා කේන්ද්‍රකර ගනිමින් මෙරටේ නිර්මාණය වී ඇති සමාජ පසුබිම තුළ ඔවුන්ට අයත් බවට දමිළ දේශපාලන නායකයින් විසින් සහ ත්‍රස්තවාදී සංවිධාන විසින් උත්කර්ෂයට නංවන ලද උතුරු නැගෙනහිර භුමියේ පවතින සරසවියක් තුළ සිදුවූ මෙම ගැටුම ඔවුන්ගේ පාර්ශවයෙන් අතිශය සාධාරණ පදනමක් යටතේ සිදුවූ බව ඔවුන්ගේ ඇතැම් පිරිස් විශ්වාස කරන බවට සැකයක් නැත. එසේම එම ගැටුම මෙරට ප්‍රමුඛතම ජනවර්ගය වන බවට පිළිගනු ලබන සිංහල ජනයාගේ අභිමානයට එරෙහිව එල්ල කරන ලද ප්‍රහාරයක් ලෙස විවිධ පාර්ශව හඳුන්වා දීම ද සිදුවන අතර මෙමඟින් ඉස්මතු වන වැදගත්ම සාධකය ලෙස පෙන්වා දිය හැකි වන්නේ ජනවාර්ගික සංහිඳියාව ගොඩනැඟීමේ අවශ්‍යතාවයි.
මෙය දිනකින් දෙකකින් ඇතිකළ හැකි තත්වයක් නොවන අතර ඒ සඳහා දීර්ඝ කාලීන කැපවීමක් කළ යුතුය. එය නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හෝ වෙනත් දේශපාලන ප්රතිසංස්කරණයක් මඟින් පමණක් සිදුකළ හැකි තත්වයක් නොවන අතර වාර්ගික පදනම සහිත පාසල් අහෝසි කිරීම වැනි අධ්‍යාපන ක්රමයේ සිදු කළ යුතු වෙනස්කම් ද ඇතුළුව අංශ ගණනාවක් මඟින් සමස්ත සමාජ ව්‍යුහයම ඉලක්ක ගත කරමින් අතිශය කැපවීමෙන් කළ යුතු කාර්යයක් වේ. විශේෂයෙන්ම ඒ සඳහා සෑම පාර්ශවයකම ඉවසීම සහ පටු අරමුණුවලින් තොරව කටයුතු කිරීම වැදගත් වන අතර අවසාන වශයෙන් ප්‍රකාශ කළ යුතු වන්නේ මෙරට ජනමාධ්‍ය ආයතනවලට ඒ සඳහා සුවිශේෂී කාර්යභාරයක් හිමිවන බවත් ඒ සඳහා පෙරමුණ ගැනීමට කටයුතු කිරීම වර්තමානයේ දී ශ්‍රී ලාංකේය ජාතිය හමුවේ පවත්නා ප්රබලතම අභියෝගය වන බවත්ය.