හෙට සිට සතියකින් නෙළුම් කුලුන මහජනතාවට විවෘත වෙයි
September 16, 2019 08:41 pm
අද දින නිල වශයෙන් විවෘත කළ නෙළුම් කුලුන හෙට (17) දින සිට සතියකින් පසු මහජනයාට විවෘත කරන බව ජනාධිපති ලේකම් කාර්යාලය පවසයි.
දකුණු ආසියාවේ උසම සන්නිවේදන කුලුන ලෙස සැළකෙන නෙළුම් කුලුන ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා අතින් අද (16) විවෘත කෙරුණි.
ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ ප්රධානත්වයෙන් ඊට අදාළ උත්සවය අද පස්වරු 5.00ට පැවැත් විය.