කොම්පඤ්ඤවීදියෙන් කඩු-කිනිසි-හමුදා ඇඳුමට සමාන ඇඳුම් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

කොම්පඤ්ඤවීදියෙන් කඩු-කිනිසි-හමුදා ඇඳුමට සමාන ඇඳුම් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

April 26, 2019   01:33 pm

කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ තිබි කඩු , කිනිසි සහ යුද හමුදා නිළ ඇඳුමට සමාන ඇඳුම් කිහිපයක් සොයාගෙන තිබේ.

ආරක්ෂක අංශ විසින් ප්‍රදේශයේ සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී මෙම ආයුධ සහ ඇඳුම් සොයාගෙන ඇති අතර එක් සැකකරුවෙකු ද එහිදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේය.

මෙම වැටලීමේදි කඩු 40ක්, කිනිසි 15ක් හා යුද හමුදා නිළ ඇඳුමට සමාන ඇඳුම් 20කට ආසන්න ප්‍රමාණයක් සොයාගෙන තිබේ.

මේ අතර, පාස්කු ඉරිදා දින එල්ලවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් මේ වනවිට සැකකරුවන් 80කට වැඩි පිරිසක්  අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අතර ඊයේ රාත්‍රී 10 සිට ක්‍රියාත්මක වූ පොලිස් ඇඳිරි නීතිය අද අලුයම 04ට ඉවත් කෙරුණි.

මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ.හලීම් මහතා පවසන්නේ , අද දින ඉස්ලාම් දේවස්ථානවල  සාමූහික ජුම්මා යාඥාව පැවැත්වීමෙන් වළකින ‍ලෙසයි.