ශ්රීලනිප-පොහොට්ටු දෙවන සාකච්ඡා වටය ඇරඹෙයි
March 21, 2019 11:06 am
ශ්රී ලංකා නිදහස් පක්ෂය සහ පොදු ජන පෙරමුණ අතර නව සන්ධානය සම්බන්ධයෙන් වන දෙවන නිල සාකච්ඡා මේ වන විට ආරම්භවී ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.
දෙපාර්ශ්වයේ නියෝජිතයින් මේ වන වි විපක්ෂ නායකවරයාගේ කාර්යාලය වෙත පැමිණ ඇති බව වාර්තා වෙයි.
සාකච්ඡාව සඳහා සහභාගී විමට නිදහස් පක්ෂයේ සහ පොදුජන පෙරමුණේ නියෝජිතයින් විපක්ෂනායක කාර්යාලය වෙත පැමිණ තිබේ.
නිදහස් පක්ෂය නියෝජනය කරමින් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර, හිටපු මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස සහ පාර්ලිමේන්තු මන්ත්රී තිලංග සුමතිපාල යන මහත්වරුන් සාකච්ඡාව සඳහා සහභාගී වී සිටියි.
ශ්රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් එහි සභාපති මහාචාර්ය ජි.එල් පිරිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්රී ඩලස් අලහප්පෙරුම මහතා සහභාගීවී සිටින බව වාර්තා වෙයි.