නව ව්‍යවස්ථා යෝජනා ගැන මහින්දගෙන් නිවේදනයක්
January 23, 2019 07:09 pm
නව ව්‍යවස්ථා යෝජනා පිළිබඳ සිය ස්ථාවරය ප්‍රකාශ කරමින් විපක්ෂ නායක මහින්ද රාපක්ෂ මහතා අද
නිවේදනයක් නිකුත් කළේය.
විපක්ෂ නායකවරයා ඉන් ප්‍රකාශ කර ඇත්තේ නව ව්‍යවස්ථා කෙටුම්පතේ විපක්ෂයට එකඟවිය නොහැකි
විධිවිධානද පවතින බවයි.
මහා සංඝරත්නය මෙම ක්‍රියාදාමය පිළිබඳව දැඩි අවධානයෙන් පසුවිය යුතු බවද ඔහු පෙන්වා දෙයි.
ශ්‍රී ලංකාව විනාශ කිරීමට ඉදිරිපත් කර ඇති ව්‍යවස්ථා කෙටුම්පත යන සිරස්තලය යටතේ විපක්ෂනායක
මහින්ද රාජපක්ෂ මහතා අද මාධ්‍යයට නිවේදනයක් නිකුත් කර තිබුණි.
උපුටා ගැනීම
පාර්ලිමේන්තුව දරුණු ලෙස දුර්වල කර පළාත් ව්‍යවස්ථාදායකයන් විශාල වශයෙන් බලවත් කිරීමට අලුත්
ව්‍යවස්ථා කෙටුම්පතේ යෝජනා ඇත.
පළාත් සභා වලට අයිති විශයන් ගැන පාර්ලිමේන්තුවෙන් නීති සෑදීමට නම් හැම පලාත් සභාවක්ම එයට
එකඟ විය යුතු වේ. එක පළාත් සභාවක් හෝ එම නීතියට විරුද්ධ වුවහොත් එය සම්මත කිරීමට
පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලය මෙන්ම ජනමත විචාරණයක්ද අවශ්‍යවේ.
නමුත් ඒ ආකාරයට සම්මත කරනු ලැබූ නීතියක් වුවද ඕනෑම පළාත් සභාවකට ඕනෑම වෙලාවක සරල
බහුතරයකින් සම්මත කරන පනතකින් අහෝසි කරදැමිය හැක .
පාර්ලිමේන්තුවේ බලය ඒ ආකාරයට සීමා කළ විට ඒකීය රාජ්‍යට ෆෙඩරල් රාජ්‍යයක් බවට පරිවර්තනය
වේ.අපි එයට සම්පූර්ණයෙන්ම විරුද්ධ වෙමු.
පොලිස් සේවය ජාතික පොලිස් සේවයක් සහ පලාත්බද පොලිස් සේවාවන් 09 කට කඩා ඒ හැම එකටම
වෙන වෙනම පොලිස් කොමිසම් ඇති කිරීමටත් මෙහි විධි විධාන ඇත.
ජාතික පොලිස් සේවයට අයිති වන්නේ රාජ්‍ය විරෝධී කටයුතු, මැතිවරණ සම්බන්ධ වැරදි, හොර මුදල්
අච්චු ගැසීම වැනි නම් කරනු ලැබු කාරණා කිහිපයක් පමණි.
අනෙක් සියලුම එදිනෙදා පොලිස් කටයුතු, එනම් අපරාධ, වංචා, මත්ද්‍රව්‍ය , රථ වාහන, මහජන සාමය වැනි
කරුණු අයිති වන්නේ පලාත්බද පොලීසි වලටය.
මේ ආකාරයට පොලීසිය කොටස් කිහිපයකට කැඩීමෙන් පමණක් මේ රට ඉවර කර දැමිය හැක.
13 වෙනි සංශෝධනයේ කුමක් තිබුණත් අවුරුදු 30ක් මුළුල්ලේ කිසිම ආණ්ඩුවක් පොලීසිය කෑලි දහයකට
වෙන් නොකළේ ඒ නිසාය.
අලුත් ව්‍යවස්ථා යෝජනා වලට අනුව මධ්‍යම ආණ්ඩුවෙන් හදිසි නීතිය ප්‍රකාශ කළත් එයට විරුද්ධව
අධිකරණයට පෙත්සම් ඉදිරිපත් කර වාරණයක් ලබාගත හැක.
හදිසි නීතිය ප්‍රකාශ කිරීමක් යනු විධායකයේ ක්‍රියාවකි. එවන් කාරණා සම්බන්ධයෙන් අධිකරණයට කටයුතු
කිරීමට නොහැක.
හදිසි නීතිය ප්‍රකාශ කිරීමට එරෙහිව වාරණයක් ලබාගත හැකි නම්, හදිසි නීතිය ප්‍රකාශ කිරීමෙන්ද ඵලක්
නැත.
බෙදුම්වාදයට එරෙහි විශේෂ ප්‍රතිඥාව අලුත් ව්‍යවස්ථා කෙටුම්පතේ පෙනෙන්නට නැත.
මෙහිදී අප සඳහන් කර ඇත්තේ අලුත් ව්‍යවස්ථා කෙටුම්පතේ අපට එකඟ විය නොහැකි විධිවිධාන කිහිපයක්
පමණක් බව සැලකිය යුතුය.
අද රට පාලනය කරන එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ හා දෙමළ ජාතික සන්ධානය ඇතුළු
හවුල නීති සම්පාදනය කිරීමේදී දක්වා ඇති වංචා සහගත ප්‍රවේශය නිසා ආණ්ඩුව කෙරෙහි ජනතා විශ්වාසය
බරපතල ලෙස පලුදු වී ඇත.
මේ ආණ්ඩුවේ කපටිකම් වලට සීමාවක් නැත.
විශේෂයෙන්ම මහා සංඝරත්නය මේ උප්පරවැට්ටි ගැන අවබෝධයෙන් සිටිය යුතු යැයි මම ගෞරවයෙන්
ඉල්ලා සිටිමි.
වර්තමාන ව්‍යවස්ථාවේ බුද්ධාගමට මුල් තැන දී තිබියදීත්, මේ ආණ්ඩුව භික්ෂූන් වහන්සේලාව මර්ධනය කළ
ආකාරය අපි දුටුවෙමු. මේ නිසා ඒකීය ලේබලය එළෙසම තිබියදී ඔවුන්ට රට ෆෙඩරල් කළ හැක.
ඊලඟ ජාතික ඡන්දයේදී ව්‍යවස්ථා සංශෝධන සම්බන්ධයෙන් අපේම යෝජනා ඉදිරිපත් කර ඒ වෙනුවෙන්
ජනතාවගෙන් වරමක් ලබාගැනීමට අපි බලාපොරොත්තු වෙමු.
මහින්ද රාජපක්ෂ
විපක්ෂ නායක
උපුටා ගැනීම අවසන්