අලුත් ආණ්ඩුවට පැනපු අයට ඇමතිධූර නෑ

අලුත් ආණ්ඩුවට පැනපු අයට ඇමතිධූර නෑ

December 18, 2018   09:23 pm

පක්ෂ තීරණය නොතකා ආණ්ඩුවට එක්වන අයට ඇමති තනතුරු නොදෙන බවට ජනපති කළ ප්‍රකාශයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ අනුමැතිය හිමිව තිබේ.

මීට සුළු වේලාවකට පෙර අද දෙරණ සමඟ අදහස් දක්වමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා මේ බව පැවසීය.

අද (18) සවස ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර පැවති සාකච්ඡාවෙන් අනතුරුව මෙම අදහස් පළ කෙරිණි.

මේ සම්බන්ධයෙන් බහුතර මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම මත ජනාධිපතිවරයා විසින් මෙම තීරණය ගෙන තිබේ.