Adaderana Breaking News:
» ඔලිම්පික් විකාශන අයිතිය රූපවාහිනී සංස්ථාවට පමණයි
ඉදිරියේ දී පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ විකාශන අයිතිය ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව හැර වෙනත් විකාශන සමාගමකට පැවරීම වළක්වාලමින් කොළඹ වාණිජ මහාධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.
» 12 හැවිරිදි දැරිය අපයෝජනය කළ 13 හැවිරිදි සැකකරුට මාංචු
වයස අවුරුදු 12 ක් වූ බාල වයස්කාර දැරියකට බරපතල ලිංගික අපයෝජනය සිදුකිරීම සම්බන්ධව අරලගංවිල පොලීසියට වාර්තා වූ සිද්ධියක් පිළිබඳව විමර්ශන ආරම්භ කර ඇති බව පොලිසිය පවසයි.
» හම්බන්තොට ඝාතන කිහිපයක් සිදුකළ වන අලියා අල්ලයි
හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ පසුගිය මාස කිහිපය තුළ පුද්ගල ඝාතන කිහිපයක් සිදුකළ වන අලියා අල්ලාගෙන තිබේ.
» දියණිය දූෂණය කළ පියා අත්අඩංගුවට
කුලියාපිටිය පොලිස් වසමේ බාල වයස්කාර දැරියක් පියා විසින් දූෂණය කර ඇති බව පොලිසිය පවසයි.
» ඩෙංගු මර්දන සති තිබ්බත් රෝග මර්දනයක් හෝ පාලනයක් වී නෑ
දිගින් දිගටම ඩෙංගු මර්දන සති ක්‍රියාත්මක කළ ද ඩෙංගු රෝගය මර්දනය කිරීමක් හෝ පාලනය වීමක් සිදු වී නොමැති බවට සමස්ත ලංකා සුවසේවා සංගමය චෝදනා කරයි.
» සිසු මාරු තහනම දැනට පාසල්වලට ඇතුළු වී ඇති සිසුන්ට බලපාන්නේ නෑ
ජාතික පාසලක සිසුන්ට අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා තවත් ජාතික පාසලකට ඇතුළුවීම තහනම් කිරීමේ චක්‍රලේඛය මේ වසරේ දැනට පාසල්වලට ඇතුළු වී ඇති සිසුන්ට බල නොපැවැත්වෙන බව රජය පවසයි.
» හොර නෝට්ටු තොගයක් සමග සිව්දෙනෙකු කොටුවෙයි
රුපියල් දහසේ ව්‍යාජ මුදල් නෝට්ටු තොගයක් සමග පුද්ගලයින් සිව්දෙනෙකු මීගමුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
» ඩෙංගු රෝගීන් කඩිනමින් හඳුනාගැනීමට නව ක්‍රමයක්
ඩෙංගු රෝගය වැළඳුණු පුද්ගලයින් කඩිනමින් හඳුනාගැනීම සඳහා නව ක්‍රමයක් හඳුන්වාදීමට බලාපොරොත්තු වන බව වෛද්‍ය පර්යේෂණ ආයතනය පවසයි.
» හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින් පිරිසක් ජුනි 2 දා සමාජගත කෙරෙයි
පුනරුත්ථාපනය වූ තවත් හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින් පිරිසක් ජුනි මස 2 වැනි දින සමාජගත කරන බව පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය පවසයි.
» නාරාහේන්පිට දී මෝටර් රියක තිබී පිළිස්සුණු සිරුරක් හමුවෙයි
නාරාහේන්පිට උද්‍යාන මාර්ගයේ ගිනිගත් මෝටර් රථයක තිබී පිළිස්සුණු සිරුරක් සොයාගෙන තිබේ.
» අනෝමයි ටිරානුයි ජනපති හමුවෙළා
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතා ඊයේ(16) රාත්‍රී හමුවී තිබේ.
» සුපිරි හෝටලයේ 5 වන මහලින් ඇද වැටුණු විදේශිකයා මරුදකියි
කොළඹ,චිත්තම්පලම් ඒ ගාඩ්නර් මාවත පිහිටි සුපිරි හෝටලයක 5 වන මහලෙන් වැටී විදේශිකයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
» මාරවිල විනිසුරුගේ නිල නිවසට අත්බෝම්බ ප්‍රහාරයක්-හානියක් නෑ
මාරවිල මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතාගේ නිල නිවසට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ලවී තිබේ.
» කැලණිය රජමහා විහාරයේ පොල්ගැසීම තහනම්
කැලණිය රජ මහා විහාරයේ මින් ඉදිරියට දෙවියන්ට පොල් ගැසීම වැනි මෝඩ ක්‍රියා සිදුකිරීමට යොදා නොගන්නා ලෙස කැලණිය රජ මහා විහාරයේ විහාරාධිපති,මහාචාර්ය,පූජ්‍ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමි පවසයි.
» උතුරු මැද පළාත් සභාවේ වාරණ නියෝගය තවදුරටත් දීර්ඝයි
නියමිත ධුර කාලයට පෙර උතුර මැද පළාත් සභාව විසුරුවා හැරීම වළකාලමින් උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍යවරයාට සහ ආණ්ඩුකාරවරයාට එරෙහිව පනවා තිබූ වාරණ නියෝගය ජුනි මස 6 වැනිදා දක්වා යළි දීර්ඝ කර තිබේ.
» කිසිදු කොන්දේසියක් නෑ-ඉදිරි දින දෙක තුන ඇතුළත ෆොන්සේකා නිදහස් වේවි
වීඩියෝ
ඉදිරි දින දෙක තුන ඇතුළත සරත් ෆොන්සේකා මහතා නිදහස් වෙනු ඇතැයි තමන් විශ්වාසය පළ කරන බව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතා පවසයි.
» අත යටින් ගාණ ගනිද්දී ප්‍රා.ලේට වැඩවරදියි
අල්ලස් ලබාගැනීමේ චෝදනා මත අකුරණ ප්‍රාදේශීය ලේකම්වරයා අල්ලස් හෝ දූෂණ වංචා විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
» වී මිලදී ගැනීමේ කටයුතු අඛණ්ඩයි
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි අනුරාධපුර දිස්ත්‍රික්කයේ වී මිලදී ගැනීමේ කටයුතු අඛණ්ඩව සිදුකරන බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.
» අනියම් පෙම් ආරාවුලක් හේතුවෙන් කෙනෙක් එල්ලී මැරෙයි
වත්තල, ප්‍රදේශයේ දී පුද්ගලයෙකු සියදිවි හානිකරගෙන තිබේ.වත්තල ප්‍රදේශයේ පාසලක් අසල පාළු ඉඩමක ගසක එල්ලී මෙම පුද්ගලයා ගෙල වැලලාගෙන ඇති බව වත්තල පොලිසිය පවසයි.
» හෙරොයින් ජාවාරමේ නිරතව සිටි අයෙක් අත්අඩංගුවට
හෙරොයින් ජාවාරමේ නිරතව සිටි පුද්ගලයෙක් කැස්බෑව, බණ්ඩාරගම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
» ශ්‍රී ලංකාවේ ගැටලුවලට ලංකාවේම විසඳුමක්
ශ්‍රී ලංකාවට අවශ්‍ය වන්නේ ශ්‍රී ලංකාව තුළින්ම බිහිවන දේශපාලන විසඳුමක් බවත් වෙනත් රට වලින් ලැබෙන දේශපාලන විසඳුම් තුළින් ශ්‍රී ලංකාවේ ගැටලුවලට නිසි විසඳුමක් නොලැබෙන බවත් ජී.එල් පීරිස් මහතා ප්‍රකාශ කර ඇත.
» රක්ෂිතය එළි පෙහෙළි කළ දෙදෙනෙක් දැලේ
සියඹලාණ්ඩුව, බක්මිටියාව, තිඹිරිගොල්ල රක්ෂිතයට අනවසරයෙන් ඇතුළු වී කැලෑව එළිපෙහෙළි කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්යය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
» යුද බිමේදී පවා අප කටයුතු කළේ ධර්මානුකූලවයි-වි.ජ.මු කියයි
මව්බිම වෙනුවෙන් දිවි පිදු අඟ පසඟ දන්දුන් අපේ රණවිරුවන්ට කළ හැකි හොඳම උපහාරය නම් වැඩ පොළේ කම්හළේ, පාසලේ මේ හැම තැනකදීම අපි"අපේ යුතුකම් අකුරටම ඉටු කිරීම"පමණකැයි සබරගමුව පළාත් ආණ්ඩුකාර වි.ජ.මු. ලොකුබණ්ඩාර මහතා පවසයි.
» බස්නැවතුම්පළේ ස්ථානභාර නිලධාරියා පගාව ගනිද්දී හසුවෙලා
අල්ලස් ලබාගැනීමේ චෝදනාවක් මත අක්කරෙයිපත්තුව පෞද්ගලික බස්නැවතුම්පළේ ස්ථානභාර නිලධාරීවරයා අල්ලස් හෝ දූෂණ වංචා විමර්ශන කොමිසම මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
» ප්‍රදේශ දෙකකින් නිධන් හොරු 14 ක් හසුවෙති
දිවයිනේ ප්‍රදේශ දෙකක සිදුකළ වැටලීම්වල දී නිධන් හාරමින් සිටි පුද්ගලයින් 14 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

























